‘වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඩුබායිහිදී පැවැති පුහුණු කඳවුරකට සහභාගිවීමෙන් අනතුරුව ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ.

ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන තරග 2කින් යුත් මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

මෙහි පළමු තරගය එළැඹෙන 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්දින තරග 2කට ඔවුන් ක්‍රීඩාකිරීමට නියමිත වනවා.

එම තරග පෙබරවාරි 12 සහ 14 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

source :- https://tinyurl.com/2cj3afkk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here