රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසනවා.

ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වර්ෂය සඳහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම තානාපති සේවයට පැරදුණු දේශපාල්ඥයින් වෙනුවට ගෞරවනීය පුද්ගලයින් පත් කරනු ලැබුවේ හොඳ සේවාවක් ලබා ගැනීමේ අරමුණෙන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ආසියානු කලාපයේ අනෙකුත් රටවල් සමඟ සංසදනය කරන විට වෙන රටවලට සාපේක්ෂව ශ්‍රමයේ විශාල වටිනාකමක් අපිට ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ,

”සාමාන්‍ය ලෝකයේ හොයලා බලද්දී මේ ආසියානු කලාපයේ වෙන රටවලට නැති ශ්‍රමයේ විශාල වටිනාකමක් අපිට තියෙනවා. ඒ නිසා අපි මේ ලෝක වෙළදපොළ පංගුවෙන් යම් කොටසක් අපි ගන්න ඕනේ. අද ලංකාවේ අවුරුද්දකට ඩොලර් මිලියන 7000ක්.. වැඩිම ඩොලර් ප්‍රමාණය උපයා ගන්නේ විදේශීය රැකියා.. නුපුහුණු ශ්‍රමය.. කරගන්න දෙයක් නැතිව මේ රටේ අම්මලා දරුවෝ දාලා ගිහින් දුක් විදිනවා.. හැබැයි මේ දියුණු මානව සම්පත ලෝක වෙළදපොළේ ශ්‍රම අවශ්‍යතා අනුව හැඩ ගස්සවමින් ඒ ඉඩ ප්‍රස්තාව ලබා ගත්තොත් අපි හිතනවා ඔබට හොඳ අනාගතයක් තියෙනවා..රටට හොඳ අනාගතයක් තියෙනවා.. ඒක තමා වෙනදා නැති විදිහට හොඳ තානාපති සේවයක් පැරදිච්ච දේශපලඥයෝ වෙනුවට තමන්ගේ ජාතීන්ට සලකනවා වෙනුවට හොඳ තානාපති සේවාවක් ගෞරවනීය පුද්ගල‍යින්ගෙන් පත් කළේ.. ඔවුන්ට අපි ඉලක්කයක් දෙනවා.. අපිට ශ්‍රම වෙළදපොළේ මෙච්චර පංගුවක් ඕනේ.. සංචාරකයින් මෙච්චර ප්‍රමාණයක් ලංකාවට ගෙනල්ලා ඕනේ.. අපේ නිශ්පාදන මේ විදිහට අළෙවි කරන්න ලෝක වෙළඳපොළේ ඉඩ ප්‍රස්ථාව හදලා ඕනේ.. එහෙම ඉලක්කයක් දීලා තමා තානාපති සේවය මෙහෙයවන්නේ. ඔබේ අනාගතය අඳුරු නැහැ..”
source :- https://tinyurl.com/5xd8ubd2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here