මදුරන්කුලිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඌනාවෙලිය, හෙට්ටිවත්ත ප්‍රදේශයේ පුද්ගලික වතු යායක මුර සේවයේ යෙදී සිටි මුරකරුට ඊයේ (23) රාත්‍රියේ වෙඩි තබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මුරකරු වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි මදුරන්කුලිය පොලිසිය සදහන් කරන්නේ.

මෙසේ වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, මදුරන්කුලිය ඌනාවෙලිය හෙට්ටිවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ මුරකරු රාත්‍රී කාලයේ වත්තේ මුර සේවයේ යෙදී සිටියදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

මෙසේ වෙඩි තැබීම සිදු කර ඇත්තේ යාබද වත්තේ මුරකරු විසින් බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බව මදුරන්කුලිය පොලිසිය සදහන් කරනවා.

එමෙන්ම මීට පෙරද ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් දෙපිරිස අතර ගැටුමක් හට ගෙන අධිකරණයේ නඩු කටයුත්තක්ද විභාග වෙමින් පවතින බවටයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි වැදීමට ලක්වූ මුරකරු සිය රාජකාරියේ යෙදී සිටියදී යාබද වත්තේ මුරකරු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලා යන අයුරු මුරකරුගේ බිරිඳ විසින් දැක ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

source :- https://tinyurl.com/a7dytu2h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here