තුර්කියේ ජනප්‍රිය ස්කී රිසෝට් හෝටලයේ ඊයේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 76 දෙනෙකු මිය ගොස් තවත් 51 දෙනෙකු තුවාල ලැබුවා.

මහල් 12කින් යුත් එම හෝටලයේ ගින්න ඇති වන අවස්ථාවේදී පුද්ගලයින් 234 දෙනෙකු රැඳී සිටි ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ගින්න නිවා දැමීමට පැය 12ක කාලයක් ගත වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් හිමිකරු ඇතුළු නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගින්නට හසුව මියගිය පිරිස අතර ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් මෙන්ම ලේඛකයින් ද සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණය වී නැහැ.

source :- https://tinyurl.com/zeud7j38

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here