
අමෙරිකාවේ 47වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිවුරුම් දෙනවා.
සාමාන්‍යයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා දිවුරුම් දෙනු ලබන්නේ, වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට එළිමහනේ වුවත්, මේ වන විට වොෂින්ටන් අගනුවරට බලපා ඇති අධි ශීත කාලගුණය හේතුවෙන් දිවුරුම් දීමේ උත්සවය කැපිටල් ගොඩනැගිල්ලේ, රොටුන්ඩා ශලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මීට පෙර ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ දිවුරුම්දීමේ උළෙලක් ගෘහස්ථව පැවැත්වුණේ, 1985 වසරේ දීයි. ඒ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගෙයි.

පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේ විශ්ෂඨ ජයක් හිමි කරගත් ට්රම්ල් දිවුරුම් දෙනු ලබන්නේ අගවිනිසුරුවරයා ඉදිරියේ බයිබලයේ අත තබමින්.
ට්‍රම්ප්ගේ දිවුරුම් දීමෙන් අනතුරුව උප ජනාධිපති ලෙස ජේ. ඩී. වැන්ස් දිවුරුම් දිමට නියමිතයි. ට්‍රම්ප් මීට පෙර 2017 වසරේ සිට 2021 වසර දක්වා ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්රාප්ති සැමරුමට පෙර වොෂින්ටන් ඩී. සී හී පැවති ජයග්‍රාහී රැලියකට එක් වූ ට්‍රම්ප් සිය ආධාරකරුවන් අමතමින් කියා සිටියේ, ජනාධිපති ධුරයේ පළමු දිනයේදීම විධායක නියෝග රැසක් අත්සන් කිරීමට සැලසුම් කර ඇති බවයි.
source :- https://tinyurl.com/y4ncc3vw








