අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් ලැව් ගිනි සීඝ්‍රයෙන් පැතිර යාමට බලපෑ අධික සුළං තත්වය, මේ වනවිට පහව යමින් පවතින බව එරට කාලගුණ විද්‍යා අංශ පවසනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, ලැව් ගිනි මැඩපැවැත්වීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

ලොස් ඇන්ජලීස් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ලැව් ගිනි දෙකක් මැඩපැවැත්වීමේ මෙහෙයුම් මෙලෙස ක්‍රියාත්මක වනවා.

ගිනි නිවීමේ අංශ පවසන්නේ, විශාලතම ලැව් ගිනි දෙක වන, “ඊටන්” සහ “පැලිසේඩ්ස්” තවමත් පැතිර යමින් පවතින බවයි.

එය මැඩපැවැත්වීමට මෙක්සිකෝවෙන් සහ කැනඩාවෙන් ද ඇමෙරිකාව තවදුරටත් සහය ඉල්ලා තිබෙනවා.

source :- https://tinyurl.com/42h5k6y8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here