පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තුන්දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සේවකයින් තුන්දෙනා වැරදිකරුවන් ලෙස තහවුරු වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අනතුරුව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීරගේ නිර්දේශ මත එම සේවකයින් තුන්දෙනා සේවයෙන් පහ කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අනුමැතිය ලබා දී තිබෙනවා.

2021 සහ 2022 වර්ෂවලදී සිදු වූ බව කියන මෙම ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා 2023 වසරේ අගෝස්තු 4 වන දින අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත් කළ අතර එහි වාර්තාවට අනුව පොලිස්පතිවරයා විසින් කාන්තා අපයෝජන නිවාරණ අංශය වෙත එහි පරීක්ෂණ කටයුතු භාර දීමටයි කටයුතු කර තිබුණේ.

එහිදී ද පාර්ලිමේන්තු සේවකයින් අත්අඩංගුවට ගෙන ඔහුගේ ද වැඩ තහනමට ලක් කර තිබුණා.

source :- https://tinyurl.com/tayvvx87

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here