ඉන්දුනීසියාව විසින් බ්‍රාහ්මෝස් (BrahMos) කෲස් මිසයිල ඉන්දියාවෙන් මිලදී ගැනීම විධිමත් ලෙස ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඩොලර් මිලියන 450ක මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ජකර්තා හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබී තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඉන්දියාව සහ රුසියාව එක්ව නිෂ්පාදනය කරන ලද බ්‍රහ්මෝස් මිසයිලය අපනයනය කිරීම සඳහා ඉන්දියාව අග්නිදිග ආසියානු රටවල් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටිනවා.

ඉන්දුනීසියාව සමඟ සාකච්ඡා 2024 දෙසැම්බර් මාසයේදී ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් දිනේෂ් කුමාර් ත්‍රිපාති ගේ ඉන්දුනීසියානු සංචාරය අතරතුරදී සිදු වූ අතර ජකර්තා හි පවතින හමුදා නවීකරණ ප්‍රයත්නයන් සමඟ සමපාත වන පද්ධතියක් වන බ්‍රහ්මෝස් හි ගුවනින් දියත් කරන ලද අනුවාදය කෙරෙහි ඉන්දුනීසියාවේ උනන්දුව පිළිබඳව සාකච්ඡාවල දී අවධානය යොමු වී තිබුණා.

ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍ය (ස්)ජෆ්‍රි සම්සුඩීන් (Sjafrie Sjamsoeddin), බ්‍රාහ්මෝස් තාක්ෂණය පිළිබඳ සහයෝගිතාව ආරක්ෂක සහයෝගීතා න්‍යාය පත්‍රයේ කොටසක් බව පවසා ඇති අතර, අයවැය සීමාවන් එහි ප්‍රගතියට බාධා කර ඇති නමුත්, ඉන්දුනීසියානු වත්මන් ජනාධිපති සුබින්ටෝ (Subianto) මේ වන විට වැඩි ආරක්ෂක අයවැයක් වෙනුවෙන් පෙනී සිටින අතර, රටේ මිලිටරි හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා ශක්තිමත් කැපවීමක් සංඥා කරනවා.

ඉන්දුනීසියානු ජනාධිපති සුබින්ටෝගේ ඉදිරි නවදිල්ලිය සංචාරය සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීම BrahMos ගනුදෙනුව කඩිනම් කරනු ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

source :- https://tinyurl.com/3d9ta8u6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here