දකුණු කොරියාවේ හමුදා නීතිය පැනවීමේ උත්සාහයෙන් පසු, දෝෂාභියෝගයට ලක්වූ හිටපු ජනපති යුන් සුක් යෙයොල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, බලයේ සිටි ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවයි.

මොහු අත්අඩංගුවට ගැනීමට අදාළ වරෙන්තුව සමග එරට දූෂණ විමර්ශන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවස වෙත ගොස් තිබුණා.

කෙසේ වෙතත් ඔවුන්ට නිවසට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙමින් මාර්ගය අවහිර කිරීමට පිරිසක් කටයුතු කර තිබූ පසුබිමකයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ.

ජනාධිපති යූන් සුක් යෙයොල් තමන්ට එරෙහිව නඩුව මෙහෙයවන දූෂණ විමර්ශන කාර්යාලය නිලධාරීන් ඉදිරියේ පෙනී සිටීමට එකඟතාවය පළ කරමින් සඳහන් කර ඇත්තේ, මෙය නීති විරෝධී පරීක්ෂණයක් වුවත්, ලේ වැගිරීමක් වැළැක්වීම වෙනුවෙන් තමන් විමර්ශනය වෙත සහාය ලබාදෙන බවයි.

පසුගිය මාසයේ ජනධිපතිවරයා විසින් හමුදා නීතිය පැනවීමේ උත්සාහයෙන් පසු, ඔහුගේ ජනාධිපති ධූරය අත්හිටවනු ලැබුවේ ඔහුගේම පක්ෂයේ සාමාජිකයන් ඉදිරිපත් කළ දෝෂාභියෝගයක් විපක්ෂයේ සමඟ එක්ව ජය ගැනීමෙන් අනතුරුවයි.

source :- https://tinyurl.com/yejs25da

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here