වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ මාර්ග කිහපයක දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව හිරු වාර්තාකරුවන් පවසනවා.

ඒ අනුව, නුවරඑළිය – මහනුවර මාර්ගය, නුවරඑළිය – හැටන් මාර්ගය සහ නුවරඑළිය – වැළිමඩ මාර්ග වල රථවාහන ධාවනය කිරීමේ දි විමසිලිමත් වන්නැයි රියදුරන්ට දැනුම් දෙනවා.

මේ අතර මින්නේරිය වැවේ ජල ධාරිතාව වාන් මට්ටම ඉක්මවා යාම හේතුවෙන් සියලු වාන් දොරටු විවෘත කර තිබෙනවා.

එහි ජලය කවුඩුල්ල ජලාශයට මුදාහරින බවයි ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ.

source :- https://tinyurl.com/53fnyfnp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here