සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැඳින්වෙන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත්  “පියුමා” ලබන ජනවාරි මස 29 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (15) නියෝග කළා.

විදේශ ගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන්  සිදු කරමින් ජාතික ආරක්ෂාවට සහ මහජන සාමය අවහිරවන ලෙස කටයුතු කළ බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සළිදු මල්ෂික නොහොත් කුඩු සළිදු නැමැති සැකකරුගේ ගෝලයෙකු බව කියන මොහු ඒ අනුවයි මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළේ.

බන්ධනාගාරය විසින් සැකකරු විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළා.

source :- https://tinyurl.com/4dc6rd79

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here