නව ඩිජිටල් පුද්ගල හැඳුනුම්පත් ලබන මස මුල සිට නිකුත් කිරීම බලාපොරොත්තු වන බව අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළා.

ඒ සඳහා වන දත්ත පද්ධතිය නිර්මාණය කිරීම සඳහා යම් කාලයක් ගතවූ බවත්, මේ මස වනවිට ඒම කටයුතු සම්පූර්ණ කිරීමටත් අදහස් කරන බවයි ඔහු සඳහන් කළේ.

මෙම ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඇඟිලි සලකුන, මුහුණ සහ ඇහේ කළු ඉංගිරියාවේ විස්තර ලබා ගැනිමේ පියවරයන් තුනක්ද අනුගමනය කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ජීව තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් විරෝධය පළ කළ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජාතික ආරක්ෂාව සඳහා මෙය තර්ජනයක් නොවන බවයි.

source :- https://tinyurl.com/4cbehsyh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here