
ලොව සුප්‍රකට වෝග් සඟරාවට අනුව මෙරට දකුණු වෙරළ තීරය මෙවර ශීත සෘතුවේදී ලොව හොඳම සංචාරක කේන්ද්‍රය ලෙස නම් කර තිබෙනවා.
එම වෙරළ කලාපයේ පවතින ස්වභාදහමේ අලංකාරය සහ සංස්කෘතික අංග මෙන්ම පැමිණෙන සංචාරකයින්ට සර්ෆින් හෙවත් දිය රළ මත ලිස්සා යෑම, තල්මසුන් නැරඹීම මෙන්ම විවිධ අත්දැකීම් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි එම සඟරාව පෙන්වා දෙන්නේ.
එසේම අලංකාර වෙරළ තීරයන්, වනජීවි සම්පත සහ තේ වතු යන සංචාරක ආකර්ශනය දිනූ කේන්ද්‍රස්ථාන හේතුවෙන් ශ්‍රී ලංකාව ලොව පුරා සංචාරකයින්ගේ වැඩි අවධානයට හේතු වී ඇති බවද වෝග් සඟරාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

source :- https://tinyurl.com/3srhyb6h








