අමුද්‍රව්‍ය මිල අධික වීම සහ ආනයනික මුද්‍රිත බතික් නිර්මාණ ඉතා අඩු මුදලට වෙළෙඳපොළ තුළ අලෙවි වීම හේතුවෙන් සාම්ප්‍රදායික බතික් කර්මාන්තකරුවන් ගැටලු‍ රැසකට මුහුණ පා සිටිනවා.

ගාල්ල, කොග්ගල, හබරාදූව ආදී ප්‍රදේශවල සාම්ප්‍රදායික බතික් කර්මාන්තකරුවන් එම තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ පා සිටින බවයි සදහන්.

ඒ, බතික් අමුද්‍රව්‍ය මිල අධික වීම, ආනයනික මුද්‍රිත බතික් ඇඳුම් සහ වෙනත් නිර්මාණ ඉතා අඩු මුදලට වෙළෙඳපොළ තුළ අලෙවි වීම ඊට හේතුව බවයි සාම්ප්‍රදායික බතික් කර්මාන්තයේ නිරත පිරිස් පෙන්වා දෙන්නේ.

ශත වර්ෂ ගණනාවකට පෙර විදේශිකයින් විසින් හඳුන්වා දුන් බතික් කර්මාන්තයට දේශීය සංස්කෘතික අනන්‍යතාවය ද පිළිබිඹුවන අයුරින් අපූර්ව විචිත්‍රවත් මෝස්තර එක්කිරීමට එම කර්මාන්තයේ නියැලෙන්නන් සමත් වුණේ ඊට ජාත්‍යන්තර පිළිගැනීමක් ද හිමිකරගනිමින්.

නූතන යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් තොරව සාම්ප්‍රදායික ලෙස දෑතින් නිමවන බතික් ඇඳුම් පැළඳුම්වලට දෙස් විදෙස් සංචාරකයින්ගෙන් හිමිවන්නේ ඉහළ ආකර්ෂණයක්.

සංචාරක කර්මාන්තය සමග දියුණු කළ හැකි සාම්ප්‍රදායික බතික් කර්මාන්තයට බලපා ඇති මෙම ගැටලු විසඳීමට බලධාරීන් කඩිනම් ක්‍රියාමාර්ග ගනු ඇතැයි මේ කර්මාන්තකරුවන් අපේක්ෂා කරනවා.

source :- https://tinyurl.com/yedh7t58

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here