
අමෙරිකාවට බලපා ඇති දැඩි ශීත කුණාටුව හේතුවෙන් පුද්ගලයින් මිලියන 60කට වැඩි පිරිසට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
කුණාටුව හේතුවෙන් කෙන්ටකි, කැන්සාස්, වර්ජිනියා, වෙස්ට් වර්ජිනියා, ආකැන්සාස් සහ මිසූරි යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එසේම, අධික හිම පතනය සහ සුළං හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් සහ අමෙරිකාව තුළ සහ ඉන් පිටතට ගුවන් ගමන් 1,500කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර තිබුණා.

තවත් 5,000කට ආසන්න ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් ප්‍රමාද කර තිබෙනවා.
source :- https://tinyurl.com/2jj5vnmt








