තීරු බදු නොගෙවා, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද රන් භාණ්ඩ තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අබුඩාබි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

සැකකරු ළග තිබී රන් මාල 04 ක් සහ අත් පළදනා දෙකක් ඇතුලු රන් භාණ්ඩ තොගයක් සොයාගෙන ඇති අතර, ඔහු මහනුවර – වෙළම්බොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ක තරුණයෙක්.

source :- https://tinyurl.com/s2csc923

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here