බැසිල් රාජපක්ෂ ගැන තමන් කළ ප්‍රකාශයක් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල නීතීඥ වරයෙකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටි අතර, විමල් වීරවංශ විසින් බැසිල් රාජපක්ෂ පිළිබඳව මාධ්‍ය වෙතද අදහස් පළ කළා.

තමන් මීට පෙර සිදුකළ ප්‍රකාශයට අදාල සියළු ලිඛිත තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදුන් බවත් බැසිල් රාජපක්ෂගේ අමෙරිකානු දේපළ පිළිබඳ තොරතුරු එම ලිපිගොණුවල අඩංගුවන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම, තමන් දුන් තොරතුරුවල සඳහන්ව ඇත්තේ බැසිල් රාජපක්ෂගේ වත්කම් වලින් සීමිත කොටසක් පමණක් බවත් සෙසු දේපළ පිළිබඳව රජයට අවශ්‍ය තොරතුරු අමෙරිකාවෙන් ඉතා ඉක්මනින් ලබාගත හැකිබවත් හිටපු මන්ත්‍රීවරයා පවසා සිටියා.

මේ අතර විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කළේ, ආණ්ඩුව බොරුවට හාල්මැස්සන් අල්ලන්නේ නැතිව නියම හොරු පිළිබඳව සොයා බලන්න්නේ නම් බැසිල් රාජපක්ෂගේ දේපළ පිළිබඳව සොයාබලන ලෙස තමන් රජයට පවසන බවයි.

source :- https://tinyurl.com/2wn8v4y9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here