බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිරමැදිරියක් තුළ තිබී ජංගම දුරකථනයක්, ඩේටා කෙබල් එකක්, චාජරයක් සහ සිම්පතක් ඊයේ (02) සොයා ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරියක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එසේ පරීක්ෂා කිරීමේදීයි එහි සඟවා තිබූ මෙම භාණ්ඩ සොයාගෙන ඇත්තේ.

එමෙන්ම මෙසේ සොයාගත් ජංගම දුරකථනයේ අයිතිකරු කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවටයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලන අධිකාරිය වෙත භාරදී තිබෙනවා.

source :- https://tinyurl.com/ycxysw7c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here