උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පවතින වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ නමුත් ඌව පළාතේ මෙන්ම අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට හෙට දිනයේ, තරමක තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

කොළඹ සිට පුත්තලම බලා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බවද සඳහන්.

source :- https://tinyurl.com/mprwe86z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here