ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශය විශේෂ වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබෙනවා.

070 722 787 7 යන අංකය මගින් ඒ අනුව කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව වෙතින් ජනතාවගෙන් ඉදිරිපත් වන ලිපි සම්බන්ධයෙන් ඒ අනුව කඩිනම් ප්‍රතිචාර දක්වන බව සඳහන්.

ජනතාවගේ කාලය සහ වියදම් අවම කිරීම හා කඩිනම් ප්‍රතිචාර දැක්වීම වර්ධනය කිරීමටත් නිළධාරීන්ගේ කාලය කළමනාකරණය කරගැනීමේ පහසුව සඳහාත් මෙම වට්ස්ඇප් අංකය හදුන්වා දී ඇති බව කම්කරු අමාත්‍යාංශය කියා සිටියා.

source :- https://tinyurl.com/3ewh5b6e

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here