ගාසා තීරයට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම, ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හමුවේ තාවකාලික කූඩාරම්වල සහ සරණාගත කඳවුරුවල වෙසෙන අවතැන් ජනතාව දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එ‍සේම ,දකුණු සහ මධ්‍යම ගාසා තීරයේ ගංවතුර තත්වයක් ද හට ගෙන ඇතිබව එම වාර්තාවල සදහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායල හමුදාව ගාසා තීරය වෙත ආධාර ලබා දීම තවදුරටත් අවහිර කර ඇති අතර, එහි කුඩා දරුවන්ගෙන් බොහෝ පිරිසක් දිනකට එක් ආහාර වේලක් පමණක් ලබා ගන්නා බවයි.

source :- https://tinyurl.com/3w66ntzw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here