උළුක්කුලම පොලිස් වසමේ අවරන්තුලාව පාවක්කුලම මාර්ගයේ යුනිට් 02 ප්‍රදේශයේදී වව්නියාව දෙස සිට යුනිට් 07 දෙසට ධාවනය වූ බස් රථයක අතුරු මාර්ගයක සිට කුඩා දරුවෙකු පදවාගෙන පැමිණි පාපැදියක් ගැටී එම බස් රථයේ පිටුපස රෝදයට යටවීමෙන් එම දරුවා ඊයේ (31) මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදියේ ගමන් කළ දරුවා පාවක්කුලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි මෙසේ මියගොස් ඇත්තේ.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 07ක් වූ යුනිට් 02, පාවක්කුලම ප්‍රදේශයේ පදිංචි පාසල් දරුවෙක්.

මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් උළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

source :- https://tinyurl.com/4aawu6r9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here