පුවක් ගසකින් ඇද වැටී දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 16ක් වෙන මාවනැල්ල පොලිස් වසමේ අම්බුලු ගල ප්‍රදේශයේදී පදිංචි පිරිමි දරුවෙක්.

මරණකරු තවත් පිරිමි දරුවෙකු සමග කුලි පදනම යටතේ පුවක් කැඩීමට ගොස් සිටියදී පුවක් ගස කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය මාවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

source :- https://tinyurl.com/yercb6rp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here