යාපනය දිස්ත්‍රික්කය තුළ හිස එසවූ මී උණ යම් තරමකින් පාලනය වෙද්දී මේ වනවිට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. කේදීස්වරන් පවසනවා.

අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේ, යාපනයේ පිහිටි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, ගෙවී ගිය 2024 නොවැම්බර් මසයේ සිට මී උණට අමතරව ඩෙංගු රොගීන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව, නොවැම්බර් මාසයේදී යාපනයෙන් ඩෙංගු රොගීන් 134 දෙනෙකු හඳුනගෙන තිබෙන අතර, මෙම තත්ත්වය දෙසැම්බර් මාසය වනවිට වැඩි වී තවත් රෝගීන් 241දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඔහු සඳහන් කළා.

දෙසැම්බර් මාසයේ අවසාන සතිය තුළ රෝගීන් 50 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනීම බරපතල තත්ත්වයක් බවත්, එමෙන්ම ජනවාරි මාසයේදී මෙම තත්ත්වය තවත් වැඩිවීමේ අවධානමක් තිබෙන බවත්, ඔහු පවසනවා.

තවද, 2024 වසරේ යාපනය දිස්ත්‍රීක්කයේ ඩෙංගු රෝගීන් 5890 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එක් මරණයක් වාර්ථා වී තිබුණා.

එමෙන්ම ඩෙංගු මර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවලක් ග්‍රාමීය මට්ටමේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත්, ඒ සඳහා මහජනතවගේද විශේෂ අවධානයක් මෙන්ම සහයෝගයක් අවශ්‍ය බවත්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. කේදීස්වරන් වැඩිදුරටත් සඳහන් කරනවා.

source :- https://tinyurl.com/y4u63r77

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here