වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය TikTok වෙත ඩොලර් මිලියන 10ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ TikTokහි හුවමාරු වූ අභියෝග භාරගැනීමේ වීඩියෝවක් නරඹා එහි ක්‍රියාකාරකමක් සිදු කළ තරුණයින් තිදෙනෙකු මිය යාමේ සිද්ධියක් පදනම් කර ගනිමින්.

ඒ අනුව වෙනිසියුලානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටානියා ඩී ඇමෙලියෝ තීන්දු කර තිබුණේ, අභියෝග දිරිමත් කරන අන්තර්ගත පැතිරීම නැවැත්වීම සඳහා අවශ්‍ය සහ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට TikTok නොසැලකිලිමත් වී ඇති බවයි.

චීනයේ ByteDance සමාගමට අයත් TikTok හට වෙනිසියුලාව, රට තුළ කාර්යාලයක් විවෘත කිරීමට නියෝග කර ඇති අතර දඩය ගෙවීමට හෝ “සුදුසු” ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට දින අටක කාලයක් ලබා දී තිබෙනවා.

“වෙනිසියුලාව එම මුදල් භාවිතා කරන්නේ “TikTok වින්දිතයින්ගේ අරමුදලක් නිර්මාණය කිරීමටයි, එය පරිශීලකයින්ට මානසික, චිත්තවේගීය හා ශාරීරික හානි සඳහා වන්දි ගෙවීමට අදහස් කරයි” යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටානියා ඩී ඇමෙලියෝ පවසා තිබුණා.

කෙසේවෙතත් TikTok සමාගම උසාවියට ​​ප්‍රකාශ කළේ කාර්යයේ බරපතලකම තමන්ට වැටහෙන බවයි.

සමාජ මාධ්‍ය “අභියෝග”වල කොටසක් ලෙස රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමෙන් වෙනිසියුලාවේ පාසල්වල සිසුන් 3 දෙනෙකු මිය ගොස් ඇති අතර 200 දෙනෙකු රෝගී වී ඇති බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/5972yjtm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here