ලොව දිගම අධිවේග මාර්ග උමගේ ඉදි කිරීම් සම්පූර්ණ කිරීමට චීනය සමත් වී තිබෙනවා.

මේ සමඟින් චීනයේ ශින් චියං උයිගුර්හි උතුරු හා දකුණු ප්‍රදේශ අතර නව සම්බන්ධයක් විවෘත වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ටියැන් ෂන් ෂෙං ලි (Tianshan Shengli) නමින් නම් කර ඇති මෙම උමග කිලෝමීටර 22.13ක දුරකින් යුක්ත වන අතර එමගින් ටියැන් ෂන් කඳුකරයේ මධ්‍යම කොටස හරහා ගමන් කිරීම පැය කිහිපයක සිට විනාඩි 20ක් දක්වා අඩු කෙරනවා.

මෙම උමග උරුමුචි – යුලි (Urumqi-Yuli) අධිවේග මාර්ගයේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස සැලකෙන අතර එළඹෙන වසරේ දී මෙම අධිවේග මාර්ගය රථවාහන ධාවනය සඳහා විවෘත කිරීමට නියමිතයි.

මෙම උමගේ ඉදි කිරීම් 2020 වසරේ අප්‍රේල් මාසයේ දී ආරම්භ කෙරුණු අතර අධික සීතල, ඉහළ උන්නතාංශය, උස් බිම් ආතතිය, දැඩි භූගර්භ ක්‍රියාකාරීත්වය, දැඩි පාරිසරික ආරක්ෂණ අවශ්‍යතා වැනි අභියෝග රැසක් මධ්‍යයේ එහි ඉදි කිරීම් සිදු කර තිබෙනවා.

source :- https://tinyurl.com/ycx9nhcc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here