ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය නොවැම්බර් මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 22.3 දක්වා සියයට 5.45 කින් ඉහළ ගොස් ඇති නමුත්, තේ අපනයන සියයට 6.46කින් එනම් කිලෝග්‍රෑම් මිලියන 20 දක්වා පහත වැටී ඇති බව වාර්තා පෙන්වා දෙනවා.

2024 නොවැම්බර් මාසය දක්වා මාස 11 තුළ කිලෝග්‍රෑම් මිලියන 223.23ක් අපනයනය කර ඇති අතර, එය වසරකට පෙර මෙම කාලයට සාපේක්ෂව සියයට 0.9කින් අඩු වී තිබෙනවා.

එමෙන්ම නොවැම්බර් දක්වා මාස 11 තුළ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 240ක් වූ අත එය වසරකට පෙර මෙම කාලයට සාපේක්ෂව සියයට 3.7කින් ඉහළ ගොස් තිබෙනවා.

නොවැම්බර් මාසයේදී අඩු වගා තේ නිෂ්පාදනය (Low grown) කිලෝග්‍රෑම් මිලියන 12.87ක් වූ අතර, එය පසුගිය වසරේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 11.7ක් විය.

තවද, මධ්‍යම වගා තේ නිෂ්පාදනය (Medium grown) මිලියන 4.29ක් වූ අතර, පසුගිය වසරේ නිෂ්පාදනය මිලියන 3.44ක්.

ඉහළ වගා තේ නිෂ්පාදනය (High grown) මිලියන 5.12ක් වූ අතර, එය පසුගිය වසරේ මිලියන 4.63ක් විය.

ග්‍රීන් ටී නිෂ්පාදනය (Green tea) මිලියන 203,616 සිට මිලියන 193,155ක් දක්වා එය පහත වැටී තිබෙනවා.

CTC තේ නිෂ්පාදනය මිලියන 2.08ක් වූ අතර, එය මිලියන 1.7 දක්වා පහත වැටී ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර, නොවැම්බර් මාසයේදී තොග තේ මිලියන 8.29කින් පහත වැටුණු අතර, එය පසුගිය වසරේ මිලියන 8.9ක් අපනයනය කර තිබෙනවා.

පැකට් කළ තේ මිලියන 8.74 සිට මිලියන 9.14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවද, ක්ෂණික තේ 297,460 සිට 146,223 දක්වා ද ග්‍රීන් ටී 444,548 සිට 347,835 දක්වා ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

source :- https://tinyurl.com/yb6ewttn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here