
පෙර වසරවලට සාපේක්ෂව මෙම 2024 වසරේ වනඅලි මරණ වාර්තා වීම ඉහළ ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනූව මෙම වසර තුළදී වනඅලි 350ක් පමණ මියගොස් ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මේ අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වෙඩි තැබීම්වලින් සිදුව ඇති බව සඳහන්.

එම සංඛ්‍යාව 70ක් පමණ බවයි පැවසෙන්නේ.
එමෙන්ම විදුලිසැර වැදීමෙන් වන අලි 50 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වනවා.
තවද හක්ක පටස් ආහාරයට ගැනීමෙන් 35කට ආසන්න වනඅලි පිරිසක් මියගොස් ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර දුම්රියේ ගැටීමෙන් වනඅලි මියයන සිදුවීම් වාර්තා වනවා.
එකී වනඅලි මරණ සංඛ්‍යාව 10ක් බව සඳහන්.
source :- https://tinyurl.com/94f3c7rw







