විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සති අන්ත නිවාඩු දිනවලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිලිගත් නිසා දඩ මුදල් නියම කර ඇති බවයි හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා පැවසුවේ.

දුම්රියෙන් සහ හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිමට හැටන් කොට්ඨාශ නිල සුනඛ අංශයේ සුනඛයන්ගේද සහය ඇතිව මාර්ග බාධක යොදා සොදිසි මෙහෙයුම් සිදුකරමින් තිබෙනවා.

සොදිසි මෙහෙයුම්වලදි ගංජා, මදනමෝදක ගුලි, මත්පෙති, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි අවු 25-35 වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන තෙක් මෙම සොදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීමට නියමිතයි.

source :- https://tinyurl.com/3z3v6ta3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here