
හසලක – ඇටබගොල්ල ප්‍රදේශයේදී ලොරි රථයක පිටුපස රෝදයකට යටවීමෙන් අවුරුදු එකයි මාස 10ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
මව සහ පියා මෙම දැරියද සමඟ ඥාති නිවසකට ගොස් තිබූ අවස්ථාවේ, එම නිවසේ තිබූ ලොරි රථයක් ඉදිරියට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ.

අදාළ අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දැරිය මහියංගණය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
source :- https://tinyurl.com/3hs63aaa







