ඝානාවේ සිට මෙරටට පැමිණි විදෙස් කාන්තාවක් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 68ක තොගයක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකානු ජාතික මෙම කාන්තාව අද අලු‍යම 1.50 ට පමණ මෙරටට පැමිණ ඇති අතර, මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඇගේ ගමන් මල්ලේ සඟවා තිබියදී මෙම කොකේන් තොගය සොයා ගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සදහන් කළේ.

මෙලෙස රේගු භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 14 කට අධික බව සදහන්.

41 හැවිරිදි සැකකාරිය එච්.අයි.වී.වෛරසය ආසාදිතයෙකු බවටයි රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන ඇත්තේ.

මෙම කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/37vjkeuc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here