මිනිසාට සූර්යයා වෙත ළඟාවිය හැකි ආසන්නතම අවස්ථාව සනිටුහන් කරමින් සූර්යයා ගවේෂණය සඳහා නාසා ආයතනය විසින් යවනු ලැබු පාකර් සූර්ය ගවේෂණ යානය නත්තල් දා සැඳෑවේ සූර්යයාට ආසන්න වෙමින් කිලෝමීටර් මිලියන 6.2ක දුරකට පැමිණ ඇති බව වාර්තාවුණා.

2018 වසරේදී පෘථීවියෙන් නික්ම ගිය පාකර් සූර්ය ගවේෂණ යානය පැයට කිලෝමීටර් 692,000ක වේගයකින් සූර්යාගේ පිටත පෘෂ්ඨයේ සිට කිලෝමීටර් මිලියන 8ක් පුරා විහිදෙන සූර්යයාගේ පිටත වායුගෝලය හෙවත් හෙවත් සූර්ය කොරෝනාවට ඇතුළුවී තිබුණා.

සූර්යාගේ මතුපිට සෙල්සියස් අංශක 6,000ක් පමණ උෂ්ණත්වයක් පැවැතුණද සූර්යග්‍රහණයකදී දක්නට ලැබෙන සිහින් සූර්යාගේ බාහිර වායුගෝලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන ගණනකට වඩා උණුසුම් බව නාසා වාර්තාවල සඳහන්.

ඒ අනුව විද්‍යාඥයින් බොහෝදෙනෙකු පාකර් සූර්ය ගවේෂණ යානයේ ඉරණම පිළිබඳව දැඩි කනස්සලකින් පසුවුයේ යානය සමඟ පැවැති සබඳතාවයන් දින දෙකක් පුරා බිඳ වැටීම හේතුවෙන්.

කෙසේවෙතත් නාසා ආයතනය ප්‍රකාශ කරන්නේ පාකර් සූර්ය ගවේෂණ සූර්ය කොරෝනාවට ඇතුළත්ව ආරක්ෂාකාරීව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

ඒ පිළිබඳව සංඥාවක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ලැබුණු බවද නාසා ආයතනය පවසනවා.

පාකර් අභ්‍යාවකාශ යානය ජනවාරි මස පළමුවැනිදා එහි වත්මන් තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක දුරස්ථ දත්ත ආපසු යැවීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් පාකර් සූර්ය ගවේෂණ යානය ඉතිහාස ගතවනුයේ මිනිසා විසින් නිපදවු අභ්‍යාවකාශ යානයක් සූර්යයාට මෙතෙක් ළඟා නොවූ සමීපතම ප්‍රවේශයට ළඟාවී නොනැසි පැවැතීම සම්බන්ධයෙන්.

source :- https://tinyurl.com/5n78kv6e

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here