
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතයි.
ඒ නවදිල්ලියේ මහජන ආදාහන භූමියක් වන නිගම්බෝද් ගාට්හිදීයි.
ආචාර්ය මන් මෝහන් සිංට ගෞරව දැක්වීමක් ලෙස රට පුරා දින හතක රාජ්‍ය ශෝක කාලයක් ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කළ අතර, ඉන්දියාව පුරා ජාතික ධජය අඩකුඹු කරනු ලබන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ.

එමෙන්ම, ඉන්දියාවේ සැමරුම ඇතුළු සියලුම නිල වැඩසටහන් ඉදිරි දින හත සඳහා අවලංගු කර ඇති බවද වාර්තා වනවා.
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිංගේ නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 26 වනදා අභාවප්ප්‍රාප්ත වූ අතර ඒ වන විට ඔහු අනූ දෙවන වියේ පසු වුණා.
source :- https://tinyurl.com/4m32f55h








