රුපියල් මිලියන 9ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා සහ ව්‍යාපාරිකයා ලබන ජනවාරි මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

පැමිණිලිකරුගේ ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කර ගැනීමෙන් පසුව මොහුට රුපියල් කෝටි 11ක වන්දියක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා දීමට නියමිතව තිබුණා.

එම වන්දියෙන් කොටසක් වන රුපියල් කෝටි තුනක මුදලට හිමි චෙක්පත පැමිණිලි කරුට ලබා දීම සඳහා කටයුතු සම්පාදනය කිරීමට සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රිවරයා සහ අනෙක් ව්‍යාපාරිකයා රුපියල් මිලියන 09ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ.

source :- https://tinyurl.com/ynervzk7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here