උත්සව සමයේදී සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් ගිණිකෙලි භාවිතයේදී මෙන්ම රිය ධාවනයේදී ද සැළකිලිමත්ව කටයුතු කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.

මේ අතර, මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සදහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

එමෙන්ම, රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් රාත්‍රි කාලයේදී එම කටයුතු සිදු කිරීමේදී රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස අලෝක පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු බවයි උපදෙස් මාලාවක් නිකුත් කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දැනුම් දුන්නේ.

එමෙන්ම, රථවාහන නැවැත්වීමේදී මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කරන ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා.

source :- https://tinyurl.com/2vyw3dv4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here