යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීම අද (27) සිට ආරම්භ කෙරෙනවා.

මධ්‍යම පළාතෙන් එම කටයුතු ආරම්භ කෙරෙන අතර, අද පෙරවරු 8.30 සිට පස්වරු 01 දක්වා එම කටයුතු සිදු කෙරෙන්නේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි.

මීට අමතරව ලබන 30 වැනිදා ඌව පළාතෙත්, ලබන මස 3 වැනිදා සබරගමුව පළාත සඳහාත් මහජන අදහස් විමසීම සිදු කෙරෙනු ඇති.

එමෙන්ම විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ සෙසු පළාත් වලින්ද මහජන අදහස් විමසීම සිදුකෙරෙන අතර අවසානයේ ලබන ලබන මස 10 වැනිදා බස්නාහිර පළාතේ මහජන අදහස් විමසීම සිදුකෙරෙන්නේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.

විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම පසුගිය දා ප්‍රකාශයට පත් කළා.

විදුලි ගාස්තු පිළිබද අවසන් තීරණය ලබන ලබන මස 17 වැනිදා මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ඇති.

source :- https://tinyurl.com/yc4u68hx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here