
ගාලු මාර්ගයේ ගාලු මුවදොර ප්‍රදේශයේදී කොල්ලුපිටිය දෙස සිට ගාලු මුවදොර දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ධාවනය වූ පුද්ගලික බස් රථයක බදෙහි ගැටී පෙරලී ගොස් එම බස් රථයේ පිටුපස රෝදයට යතුරුපැදිකරු යටවීමෙන් ඊයේ (26) අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවටයි පොලිසිය පවසන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 51ක් වූ යුනියන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
source :- https://tinyurl.com/tewshvry







