ගත වූ පැය කිහිපය තුළ දියේ ගිලීමෙන් විදේශිකයෙකු මිය ගොස්, තවත් අයෙකු අතුරුදන් තිබෙනවා.

මිය ගිය විදේශිකයා 33 හැවිරිදි රුසියානු ජාතිකයෙකු වන අතර හික්කඩුව – තිරාණගම ප්‍රදේශයේ මුහුදේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවීමෙනුයි ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

අතුරුදන් පුද්ගලයා මදුරන්කුළිය පාලසෝල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වන අතර මහව, පාලුගම වැවේ දිය නාමින් සිටියදී ඊයේ පස්වරුවේ එම අනතුර ලක් වුණා.

මේ අතර, හික්කඩුව නාරිගම වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුවී ගසාගෙන ගිය දරුවන් සිව් දෙනෙකු ඇතුළු විදේශිකයන් පස් දෙනෙකු පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.

මෙලෙස බේරාගෙන ඇත්තේ කුඩා ළමුන් සිව් දෙනෙකු සහ කාන්තාවක වන අතර ඔවුන් රුසියානු සහ කොලොම්බියානු ජාතිකයින්.

source :- https://tinyurl.com/yjwm4dbv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here