ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ටාස් සමග මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගත් විරාට් කෝලිට තරග ගාස්තුවෙන් සියයට 20 දඩයක් නියම කර තිබෙනවා.

එමෙන්ම ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එක් කිරීමටයි තරග තීරකවරයා කටයුතු කර ඇත්තේ.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර මෙල්බර්න්හි අද ආරම්භ වූ හතරවන ටෙස්ට් තරගයේදි සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රිඩා කරමින් සිටි 19 හැවිරිදි සෑම් කොන්ටාස්ගේ උරහිසේ විරාට් කෝලි සිතා මතා ගැටී තිබෙනවා.

එහිදි දෙදෙනා අතර කෙටි වචන හුවමාරුවක්ද සිදුවු අතර එම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල මෙන්ම, ක්‍රිකට් විචාරකයින්ගේද දෝෂ දර්ශනයට ලක්වුනා.

source :- https://tinyurl.com/4u84bfr5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here