
රජය ගෙන්වනු ලබන සහල් තවමත් මෙරටට ලැබී නොමැති පසුබිමක ආනයනික සහල් මෙට්‍රික් ටොන් 5,200 ක තොගයක් රැගත් පළමු නෞකාව හෙට දිවයිනට පැමිණීමට නියමිත බව වෙළද අමාත්‍යංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, මෙම නෞකාව පෙරේදා දිවයිනට පැමිණෙන බවටයි අවසන් වරට ප්‍රකාශ කෙරුණේ.
මේ අතර, ආනයනික සහල් නිශ්කාශන කටයුතු අද සිට යළි ආරම්භ කළ බව රේගුව සදහන් කළා.

ආනයනය කරන ලද සහල් කඩිනමින් වරායෙන් නිදහස් කිරීම සදහා ආහාර පරීක්ෂකවරුන් සහ ශාක නිරෝධායන නිළධාරින්ගේ සහයෝගයෙන් විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටයි රේගුව පියවරගෙන ඇත්තේ.
පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීම සදහා ලබාදුන් අවසරය ලබන වසරේ ජනවාරි 10 වනදා දක්වා දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය අද පෙරවරුවේ නිකුත් කරනු ලැබුවේ සහල් ආනයනයට ලබාදුන් කාලය ඉක්මවා ගොස් දින 06 කට පසුවයි.
ඒ අනුව, පසුගිය 05 වනදා සිට ඉකුත් 20 වනදා දක්වා ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් නිෂ්කාශනය කළ බවයි රේගු දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඊට කැකුලු සහල් මෙට්‍රික් ටොන් 28,500 ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 38,500 ක් ඇතුළත්.
මේ අතර, සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟය තවත් මාසයක් පමණ කාලයක් පවතිනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් ප්‍රකාශ කළා.
ඒ තංගල්ල ප්‍රදේශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එමෙන්ම, පසුගිය මාසයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් ගොවි බිම් අක්කර 80,000කට ආසන්න ප්‍රමාණයක් හානිවී ඇති බවට මේ වන විට හදුනාගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළා.
හානි සිදුවූ වගා පරික්ෂා කිරීම තවදුරටත් සිදු කෙරෙන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ. මේ වන විට පොළොන්නරුව, වව්නියාව, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වල වගා හානි පරික්ෂාව අවසන් වී තිබෙනවා.
එම දිස්ත්‍රික්ක වලට අදාළ අවසන් වාර්තා ලද පසුව වන්දි ගෙවීමට කටයුතු කරන බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කළේ.
source :- https://tinyurl.com/a3bwdz2w







