පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු පොලිසිය මැදිහත් වී පාලනය කොට අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.

පිළියන්දල තුම්බෝවිල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අද (26) දා උදෑසන ජාලියගොඩ හන්දියට කඩුවක් රැගෙන පැමිණ අසල්වාසීන්ට පරුෂ වචන කියමින් කලාකාරීව හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා අවට පිරිස පරුෂ වචන නොකියන ලෙසට දැනුම් දීමෙන් පසුව ඊට උරණ වී අසල නවතා තිබූ ලොරි රථයකට නැග ජනාධිපති අනුරු කුමාර දිසානායක හමුවීමට අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් බෙල්ල කපාගෙන සියදිවි හානි කර ගන්නා බව පවසමින් කලහකාරීව හැසිරී තිබෙනවා.

පසුව තත්ත්වය පාලනය කිරීමට අසල්වාසීන්ට නොහැකි වූ නිසා මේ බව පිළියන්දල පොලිසියට දැනුම් දීමෙන් පසුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව අනාවරණය වී තිබුණේ කලාකාරීව හැසුරුණු පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු බවයි.

ඒ අනුව ජනාධිපතිතුමා හමුවීමට බව පවසමින් පොලිසිය මැදිහත් වි එම පුද්ගලයා ලොරි රථයෙන් බිමට බස්සවා ගෙන එම ස්ථානයට ගෙන්වන ලද 1990 සුව සැරිය ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි පොලිසිය පැවසුවේ.

එම පුද්ගලයා අත තිබූ කඩුව පොලිස් භාරයට ගත් අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

source :- https://tinyurl.com/52757mvs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here