
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභී පවුල්වල හිඟ මුදල් හෙට සිට ලබා ගත හැකි බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ අනුව සිය අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මගින් අදාළ මුදල් ලබා ගත හැකි බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ, ප්‍රතිලාභී පවුල් 212,423 කට ගෙවීය යුතු හිඟ මුදල රුපියල් දහතුන් කෝටි දා හතර ලක්ෂ හත් දහස් හත්සිය පනහක්.

source :- https://tinyurl.com/226fdjus







