දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන අප්‍රේල් මාසයට පෙර නව කාඩ් පත හඳුන්වා දීමට නියමිතව තිබෙනවා.

එම කාඩ්පත් භාවිත කරන පුද්ගලයින්ට සෑම දුම්රිය ස්ථානයකින්ම ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන පරිදි නවීන තාක්ෂණික මෙවලමක් සහිත බවයි පැවසෙන්නේ.

ඒ සඳහා පෞද්ගලික ආයතනයක් සමග මේ වනවිට වැඩකටයුතු ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට මෙමගින් හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ සමගාමීව අදාළ දුම්රිය පෙර ගෙවුම් ප්‍රවේශ පත්‍රය පරීක්ෂා කිරීම සඳහා ද නිලධාරීන්ට පුහුණුවක් ලබා දීමට නියමිතව තිබෙනවා.

source :- https://tinyurl.com/4f6s3hbw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here