අසර්බයිජානයේ සිට රුසියාව බලා පියාසර කරමින් තිබියදී කඩා වැටුණු මගී ගුවන් යානයේ සිටි 25 දෙනෙකු දිවි බේරාගෙන ඇති බව වාර්තා වනවා.

අදාළ ගුවන් යානය කසකස්තානයේ අක්ටවු නගරය ආසන්නයේදී කඩා වැටෙන විට එහි මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

දිවි බේරාගත් අය අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටින බව සදහන්. ඝණ මීදුම නිසා යානය වෙනතකට යොමුවී ඇති අතර, අනතුරට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නැහැ.

source :- https://tinyurl.com/2u5skcjy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here