නත්තල් දින කතෝලික දේවස්ථාන වල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45,000ක් පමණ යොදවා ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ, අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා යුධ හමුදා ආරක්ෂාවද යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැදවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී.බී. දිසානායක ප්‍රකාශ කළා.

එමෙන්ම නත්තල් දිනය වෙනුවෙන් රැදවියන් 389 දෙනෙකු නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ.

source :- https://tinyurl.com/4vbfn5jm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here