
රුපියල් කෝටියක් පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සඟවා ගෙන මෙරටට පැමිණි විදේශිකයෙකු ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත් විදේශිකයා 34 හැවිරිදි තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු ලෙස සේවය කරන රුසියානු ජාතිකයෙක්.
මීට අමතරව මොහු කුෂ් මත්ද්‍රව්‍ය වගා කර, සකස් කර, ලොව පුරා රටවල් අතර බෙදාහැරීමේ ජාවාරමක ද නිරත පුද්ගලයෙකු බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායකට පැමිණි මොහුගේ ගමන් මල්ල තුළ වූ ස්පොන්ජ් යොදා සකස් කළ, නිදා ගැනීමට භාවිතා කරන කොට්ටයක් තුළ, කුෂ් කිලෝ 01යි ග්‍රෑම් 50 ක තොගයක් සූක්ෂම ලෙස සඟවා ගෙන රැගෙනවිත් තිබුණා.
සැකකාර රුසියානු ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීම අවසර ලබාගෙන තිබෙනවා.
source :- https://tinyurl.com/mpeb5yd6







