එළඹෙන ජනවාරි 10 වැනි දා දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, පසුගිය 20 වැනි දායින් අවසන් වූ සහල් ආනයන අවසරය එළඹෙන 10 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බවයි.

කෙසේ නමුත් ඉකුත් 20 වැනි දායින් අවසන් වූ කාලය තුළ, සහල් මෙට්‍රික්ටොන් 67,000ක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

එම ප්‍රමාණයෙන් මෙට්‍රික්ටොන් 28,500ක් කැකුළු සහල් වන අතර මෙට්‍රික්ටොන් 38500ක් නාඩු සහල්.

මේ අතර අදාළ සහල් තොග ආනයනය හරහා රේගුව රුපියල් බිලියන 4.3ක් ආනයන බදු ලෙස අයකරගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පසුගිය දා පැවසුවා.

source :- https://tinyurl.com/3epfj4sx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here