ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, ඊයේ (23) රාත්‍රියේ මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී එම ධීවර යාත්‍රා දෙක තුළ සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගත් බවයි නිවේදනයක් මගින් ඔවුන් සඳහන් කර ඇත්තේ.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දාහත් දෙනා තලෛමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව බවයි එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා 72ක් සහ ඉන්දීය ධීවරයින් 554 අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

source :- https://tinyurl.com/5czf84vu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here