
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට මෙම වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
එම චක්‍රලේඛය මගින් මෙම වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම සිදුකළ යුතු ආකාරය පිළිබඳවයි නිර්දේශ ඉදිරිපත් කර තිබෙන්නේ.
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසිනුයි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව, සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
2023 වර්ෂය තුළ අවම වශයෙන් සියයට 30ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස හෝ අයබදු ලෙස ගෙවා ඇති ආයතනවල සේවකයින් සඳහා රුපියල් 25,000ක හෝ 20,000ක ප්‍රසාද දීමනාවක් ලබාදෙන ලෙසයි එම චක්රලේඛයෙන් යෝජනා කර ඇත්තේ.
තවද, අදාළ ප්‍රසාද දීමනා ලබාදීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙළ ද එම චක්‍රලේඛය මගින් භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලි කර ඇති අතර, එමගින් ලේකම්වරයා දැනුම් දී ඇත්තේ ප්‍රසාද දීමනා ගෙවීම සඳහා අරමුදල් මහ භාණ්ඩාගාරය විසින් සැපයීමක් සිදු නොකරන බවයි.
රජය සතු ව්‍යවසායන්හී කාර්ය මණ්ඩලයට ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් මතු වුවහොත් අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය බවයි එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
source :- https://tinyurl.com/mrxusbbj







