සමාජ – ආර්ථික සංවර්ධනය සහ ද්වීපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

එම අවබෝධතා ගිවිසුම් රාමුවට අනුව, ඉන්දීය රජය විසින් සපයනු ලබන ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,371.83ක ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ යටතේ අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, සංචාරක සහ ප්‍රජා සවිබලගැන්වීම යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් යටිතල පහසුකම් සංවර්ධනයට හා ජීවනෝපාය වැඩිදියුණු කිරීමට අදාළව ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක කිරීම පිණිස හඳුනාගෙන තිබුණා.

ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුම් රාමුවට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන්නේ.

source :- https://tinyurl.com/yhdehznt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here